Wednesday, November 6, 2013

සංස්කෘතික ප්‍රේමවන්තයා සහ අසංස්කෘතික ආදරය............

ප්‍රේමය.....සංස්කෘතික මිනිසුන් අතර ඇතිවන සංස්කෘතික හෝ අසංස්කෘතික හුවමාරුව...

ජිවිතයේ විවිධ තලවලදී අපට හමුවෙන විවිධ අය...ජිවිතේ විවිධ තලවල රැඳෙනවා....සමහර අය ප්‍රේමය එක්ක...සමහර අය අවබෝධය එක්ක.....ජිවිතේ ගතවන මොහොතවල් අපි ඔවුන් එක්ක ගොඩනගා ගන්නවා.....සමහර විටදී සතුටෙන්..සමහර විටදී අසතුටෙන්.....අපිට ජිවිතේ අහුවෙන තැනක තියනව....අපි හැමෝටම එකම තැනකදී..එකම විදිහට ජිවිතේ අහු නොවෙන්න පුළුවන්..එක තමයි ජිවිතේ. මට තේරෙන විදිහට. අපි හැම දෙනාම උත්සාහ කරන්නේ මේ ගැලපීම සහ නොගැලපීම අතරේ ජිවිතේ හොයාගන්න...ඔය අතරේ අපිට හමුවෙන සමහර අය, අපෙන් ජිවිතේ මනින්න උතසහ කරනවා.සමහර විට අපේ මිනුම් දඬු වලින් සමහර විට ඔවුන්ගේ ඒවායෙන්. මේ ක්‍රියාවලිය හැමවිටම දුන්දර වෙන්නේ නෑ....සමහර විටකදී අසුන්දර වෙනව.

අපේ ජිවිත ඇතුලේ එක එක තලයනට අයත් අය ඉන්න පුළුවන්. සමහර අය ජිවිතේ කේන්ද්‍රයේ ඉඳං අපේ හිතුවිලි පරම්පරාව එක්ක ගනුදෙනු කරනවා.ඒවාට බලපෑම කරනවා.ඒවා එක්ක ඔට්ටු වෙනවා. සමහර අය පරිධියේ ඉඳගෙන අපේ ජිවිතේ භෞතිකය එක්ක විවිධ විදිහේ ගනුදෙනු කරනවා. විවාහය, ජීවිතය, අත්දැකීම්, සිහින, බලාපොරොත්තු, මේ වගේ නොයෙකුත් දේවල්. පරිධිය එක්ක කේන්ද්‍රය සමපාත වෙන තැන වගේම, සමපාත නොවන තැන් බොහොමයි.

කෙනෙකුගේ ජිවිතේ ඇතුලට එන අය තම ඉන්නේ කේන්ද්‍රයේද පරිධියේ ද කියන එක තේරුම ගන්න එක හරිම වැදගත්. ඒත් ඒක තේරුම ගන්න ඕනේ ඔහුට හෝ ඇයට ඕනේ විදිහට නෙමෙයි. ජිවිතේ හිමිකරුවාගේ විග්‍රහයට අනුව. මොකද ඔහු හෝ ඇය තරම් තමාව දන්නා වෙන කිසිවෙක් නැති නිසා. අපි ගොඩනගන සමහර උපකල්පන, විසඳුම්, තේරුම ගැනීම සහ පුරෝකථන අපට සාපේක්ෂව අතිශය සාධාරණ සහ නිවැරදි ඒවා වෙන්න පුළුවන්. ඒත් ඒවා හැමවිටම සාධාරණයි කියල තර්ක කරන ඒක අපි අනෙකාට කරන අසාධාරණයක් කියල මම හිතනවා. අනෙකාගේ ජීවිතය තුළ අනෙකාගේ හඬට ඇති ඉඩ අපේ මතවාද ඇතුළේ අහුරන ඒක ඔහුගේ හෝ ඇයගේ ආත්මයට කරන හානියක්. මොකද හැම කෙනෙකුටම තමන්ට අවංක කතාවක් සහ ඒ කතාවට අදාල හැඩයක් තියන නිසා.

ප්‍රේමය කියන්නෙත් එහෙම දෙයක්.අපි ප්‍රේමය තුළ හිමිකරගන්නා ඉඩ අවිශ්වාසයෙන් ප්‍රශ්න කිරීම තරම් ප්‍රේමයට කළ කැකි අවැඩක් නැහැ. ඔහුගේ හෝ ඇයගේ උපරිමයට ඉඩ දෙන්න. එය විශ්වාස කරන්න. එය සමඟ බැදෙන්න..ඔබ වෘත්තයේ කවර සිමාවේ හිටියත්.ඔබ ඉන්න තැන තීරණය කරන්නේ අනෙකා මිස ඔබ නොවේ.

සංස්කෘතික කියවීම තුළ ඔබ අනෙකාගේ භෞතිකය තුළ පරිධියේ සිටින වග පෙනුණ ද එය එසේ නොවන්නට පුළුවන්. මන්ද ඔබ ඔබ මිස අනෙකාගේ හිතුවිලි පරම්පරාවට මෙතෙක් ඉඩ දී නොමැති නිසා.ප්‍රේමය සැමවිටම සංස්කෘතික රාමුව තුළ මැනිය නොහැකියි, භෞතිකය තුළ ස්ථානගත කළ නොහැකියි, විශේෂයෙන්ම එය හැඟීමක් ලෙස ගත කල. ඒ නිසා සෑම සංස්කෘතික මිනිසෙක් තුලම සංස්කෘතික මෙන්ම අසංස්කෘතික ප්‍රේමවන්තයෙක් සිටිය හැකියි. යම්විටක ඔබ සංස්කෘතික ප්‍රේමය අසංස්කෘතික මනොභාවයෙන් ප්‍රශ්න කිරීම හෝ අසංස්කෘතික ප්‍රේමය භෞතික සංස්කෘතික මනෝභාව තුළ විග්‍රහ කිරීමට යාමෙන් ප්‍රේමවන්තයා සහ ප්‍රේමය යන ප්‍රස්තුත දෙකම එකවිටම අහිමි කරගනීවි.

No comments: